Showing posts with label හඬ කැවීම්. Show all posts
Showing posts with label හඬ කැවීම්. Show all posts

Thursday, July 11, 2013

ඊටත් වඩා හොඳ අය නැද්ද?

මකුළු දැලේ ලියැවෙන තුන් වන ලිපිය. මීට පෙර ලිපියෙන් ජාතික රූපවාහිනියෙ හඬ කැවීම් වල තිබෙන යහපත් එසේත් නැතිනම් හොඳ ‍පැත්ත සඳහා වෙන් කිරිණි. අද කථා කරන්න සූදානම ඊට වඩා හොඳ තැන් නැතිද යන්නයි. 

‍ප්‍රවීන හඩ නළු නිලි පිරිසගේ ලයිස්තුව, ටයිටස් තොටවත්ත මහතා‍ගේ ගෞරවණීය නාමය ඔහුගේන් බිහි වූ නූතන පරපුර ආදිය නිසා රූපවාහිනී හඬ කැවීම අංශයට එදා මෙන්ම අදටත් ගරු කරන පිරිසක් සිටියි. නමුත් සොඳුරු සිත් නැති ශ්‍රී ලංකාවේ ඉපදුන පිරිසක් වෙබ් අඩවි වල තමන්ට රිසි සේ අන් අයට දොස් පැවරීමට ඇති අයිතිය නිසා සුජාත පජාත කරමින් අභීත අජූත කරමින් දොස් නගද්දී සොඳුරු මිනිසුන් එහි ඇති හරය තම මනසට අර ගත්තාට සැකයක් නැත. 

නමුත් මමද පිළිගන්නා කාරණයක් ඇත. ඒ ඔය දේ මීට වඩා අපූරු ආකාරයෙන් කිරීමේ හැකියාවක් තිබුන බවයි. සිරස මගින් විකාශනය කළ මහගෙදර, ප්‍රවීණා ආදී වූ මෙගා ටෙලි නාට්‍ය මාලාවේ හඩ කැවීමට කිසිවෙකු දොස් නැගුවේ නැත. (කතා තේමාව පිළිබඳ‍ බොහෝ ගැටළු ඇත.) 

ඒවාගේම සූරපප්පා, කවුද බෝයි, ටිංටිං (මගේ ආසම කාටුන්) වල හඬ කැවීම ලොකු පොඩි වැඩිහිටි සැම දෙනාම ඉතා ආසවෙන් අදත් රස විඳීයි. 

මෑතකදී විකාශය වූ ඩොක්ටර් ඩූ ලිට්ල් චිත්‍රපටයේ දොස්තරට පණ දීමේදීද ‍ඒ පිළිබඳ මනාව පැහැදිළි වෙයි. 

මේ සියලුම දේ රස වින්ඳනය සහ විනෝදය සඳහා වන අතර අවසානනයේ ප්‍රඥාවේ පහණ දැල්වීමයි සිදු විය යුත්තේ. 

‍සොඳුරු මිනිසුන් වන්න. කට තිබුන පළියට දෙඩවීමෙන් වලකින්න. ‍මන්ද ඔබ ආසා නැති වුවත් ඔබේ මනසට නොගැලපුනත්..... මෙවැනි නිර්මාණ වලට ආදරය කරන පිරිස බොහෝ වෙති. 

Monday, July 1, 2013

ලෝක පූජිත උනත් අපේ අයට දිරවන්නෙන නැහැල්ලු????

අභීත දියණිටය හා සූජාත දියණිටයට බොහෝ පිරිස් දොස් නගයි. ''හරියට හඩ කවලා නැහැල්ලු. ලංකාවේ තියෙන ප්‍රශ්න යටපත් කරන්නලු'' මේ නාට්‍ය ගෙනල්ල තියෙන්නෙ. ඇත්ත. කලාව‍ සෞන්දර්යය ඕනෙ ජීවත් වෙන්න, ප්‍රශ්න යටපත් කරගන්න‍ හොදම විදියක් තමයි තමයි. 

රූපවාහිනිය ආණ්ඩඩුවට කඩේ යනවා ඇති. ඒ, ඒගොල්ලන්ගෙ රාජකාරිය. එහෙම නොකළොත් එදා වේල කන්න බැරි වෙනවා. මීඩියා කාරයෝ නොහොත් මාධවේදීන්ගේ දරු පවුල් බඩගින්නෙ. රට යන අත ඒකයි. එහෙමයි කියලා ඉදල හිටල හොද නට්‍යක් හම්බ වෙලා පෙන්වන්න හදන කොට ඒකට බනිනවා. සොදුරු සිත් ඇති මිනිසුන් නැති වීමත් හේතුවක්දෝ මන්දා. 

‍හඩ කැවීම ගැන මම සතුටු වෙනවා. මොකද කොරියානු පිටපත බලපුවාම තේරුනා සිංහල හඩ කැවීම තුලින් නාට්‍යට අවශ්‍ය ජවය තවත් ලබා දී ඇති බවක්. රූපවාහිනී හඩ කැවීම් අංශයට ඒකට ගරු කරන්න ඕනෙ. කොරියානුවන්ගේ තොල් හැසිරවීම හඩ සමග සිදු වන අංග චලන‍ මේවා සිංහලයන්ට වඩා බොහොම වෙනස්. විශාල අභියෝගයක්. ඒ අභියෝගය ඒ ශිල්පීන් නිවැරදිව ජයගෙන තිනයනවා. 

මේ විදියට බනින අයියලා අක්කලාගෙන් අහන්න කැමතී.... ඔයාලට පුලුවන්ද ඒ තොල් හෙලවෙන විදියට ගස්සලා පද්දලා කතා කරන්න??? මම හිතන්නේ නෑ... ඒ කෑ ගහන අයගෙන් දහයෙන් එක්කෙනෙකුටවත් පුළුවන් වෙයි කියලා.

සොදුරුසිත් ඇති මිනිසුන් වෙන්න. මේ නාට්‍ය මාලාවේ ඇති අධිෂ්ඨානය, වීර්‍යය, කැපවීම.... මේවා සිතට ගන්න. පෙනේ‍රක් නොව කුල්ලක් වන්න.... මේ ලිපියටත් පජාත කමෙන්ටුවක් දමා වීරයෙකු ‍වීමට උත්සහ නොකරන්න. හේතුව කොරියානු නාටක මා‍ලාවේ නොගත යුතු දේට වඩා ගතයුතු බොහෝ දේ ඇති බැවිනි. 

සැයු... රූපවාහිනියටවත්, වෙන කාවත්‍ හෝ කඩේ යාමක් නොවේ...