Sunday, September 29, 2013

මහා වංශය

ශ්‍රී ලාංකික අපගේ ඉතිහාසය, අනන්‍යතාවය ගැන දැන ගැනීමට ඇති සාධක අතර ප්‍රභලතම ස්ථානයක් හිමි වන මහා වංශය පුස්ථකයෙහි PDF සංස්කරනය බා ගත කරගන්න..

Wednesday, September 18, 2013

Monitore "NO DISPLAY" වෙනවද????

පරිගණකයේ වැඩ කරනකොට එක එක විදියෙ ලෙඩ එනවා. යන්තම් යන්තම් කඩ්ඩ ගැටගහගෙන මේ එන ලෙඩ වලට බේත් කර ගන්න අපට පුළුවන්... එත් මේ කියන්න යන ලෙඩේ එහෙම කියවල ගොඩ දා ගන්න පුළුවන් ලෙඩක් නෙමෙයි....

මෙන්න රෝග ලක්ෂණ

1. මොනිටරේ NO DISPLAY කියලා වැටෙනවා
2. කම්පියටර් එක ඇතුලෙ ෆෑන් කැරකෙන සද්දෙ ඇහෙනවා, පවර් ලයිට් පත්තු වෙනවා. ඒත් කම්පියුටරේ වැඩ නැහැ....

ඔයාලා දන්නවාද? මෙහෙම වෙන්න 80%ක්ම බලපාන්නෙ රැම් එක බව?

මෙන්න එහෙනම් ඒකට දෙන්න ඔන බේත

මකන කෑල්ලක්  :)

විහිලුවක් වගේ පේනවා නේද????

නෑ විහිලුවක් නෙමෙයි ATX වර්ගයේ Desktop පරිගණක හදලා තියෙන්නෙ වායුසමීකරණය කරපු කාමර වල වැඩ කරන්න..... 
ඒත් අපිට කොහෙන්ද ඒ/සී??? ඒකයි මේ අවුල. 

රැම් එකේ කුණු, දූවිලි විතරක් නෙමෙයි, ඔක්සයිඩ් හිටන් හැදෙනවා. 

මෙන්න එහෙනම් කරන්න ඔන වැඩේ... රැම් එකේ පිත්තල සම්භන්දක ටිකක් තියෙනවා...
ඒ ටික මකනයක් අරන් මකන්න... ලස්සනට දිලිසෙනකම්..

දැන් ආයෙත් රැම් එක කම්පියටර් එකට ගහල බලන්න... වැඩ කරන්නෙ නැත්තම් වැඩේ දුර දිග ගිහින්. 

එහෙනම් ඉතින් යාලුවෙක්ගෙ පිහිට පතන එක තමයි. රැම් එකක් ණයට ඉල්ලගෙන ට්‍රයි කරලා බලන්න

එහෙම කම්පියුරේ ඔන් උනොත් රැම් එක පිච්චිලා තමයි...

මෙහෙම සීන් එකක් උනොත් ඉතින් අර 100/80න් ගොඩ දාන්න බැරි 20නෙ ඉන්නෙ.... කරන්න තියෙනන්නෙ ගොඩ වෙදකම් නොකර විශේෂඥ වෛදවරයෙක් ගාවට යන එක.

මේක ලිව්වෙ මතු ප්‍රයෝජනය පිණිස... තව විස්තර (මතු සම්භන්ධයි.)